IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නීරක්තිය ගැබිණි මව්වරුන්ට මාරකයක් වෙයි

(විනීතා එම් ගමගේ)
නීරක්තිය ඇති ගැබිණි මවුවරුන්ගේ මිය යෑමේ අවදානම නිරෝගී ගැබිණි මවුවරුන්ට වඩා දෙගුණයකින් වැඩි බව ලැන්සට් ග්ලෝබල් හෙල්ත් ජාත්‍යන්තර වෛද්‍ය සඟරාව මෙම සතියේ වාර්තා කළේය. 

නියමිත මට්ටමට වඩා අඩුවෙන් රුධිරයේ හිමොග්ලොබින් ප‍්‍රමාණය පැවතීම නිරක්තිය ලෙස සැලකේ. ගර්භණි සමයේ අපේක්ෂිත ප‍්‍රශස්ත රුධිර හිමොග්ලොබින් ප‍්‍රමාණය ලීටරයකට ග‍්‍රෑම් 110 කි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ශ‍්‍රී ලංකාව ඇතුලූ රටවල් 29 ක ගැබිණි මවුවරුන් 312,281 ක් පාදක කරගෙන සිදුකළ පර්යේෂණයක් ආශ‍්‍රයෙන් මෙම නිගමන ඉදිරිපත් කර තිබේ. ඔවුන්ගෙන් දරුණු නිරක්තිය (රුධිරයේ හිමොග්ලොබින් ප‍්‍රමාණය ලීටරයකට ග‍්‍රෑම් 70 ට වඩා අඩු) තිබූ 4189 ක්, නිරක්තිය නොමැති ගැබිණි මවුවරුන් 8,218 ක් සමග සංසන්දනය කර තිබුණි.

මේ සඳහා ශ‍්‍රී ලංකාවෙන් මවුවරුන් 18,115 ක නියැදියකින් නිරක්තිය ඇති ගැබිණි මවුවරුන් 232 ක් තෝරා ගෙන තිබේ.
මෙම අධ්‍යයනයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පර්යේෂක, ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මේ පිළිබඳව අදහස් දැක්වමින් කියා සිටියේ මෙම පර්යේෂණ ප‍්‍රතිපල ශ‍්‍රී ලාංකීය මාතෘ සත්කාරක සේවා සඳහා ඉතා වැදගත් වන බවයි.


ශ‍්‍රී ලංකාවේ වසරකට වාර්තා වන 360,000 ක් පමණ ගර්භණිතාවයන් අතරින් සෑම 10 දෙනෙකුගෙන් එක් අයෙකු (36300) ටම නිරක්තිය ඇති බවට සොයා ගෙන ඇති බවත්. මින් ගැබිණි මවුවරුන් 1550 (0.4%) කටම දරුණු නිරක්තිය පවතින බවත් හෙතෙම කියා සිටියේය.  

ශ‍්‍රී ලංකාවේ ගුණාත්මක මාතෘ සත්කාරක සේවා නිසා නිරක්තිය සෘජූවම හේතු කරගෙන මාතෘ මරණ වාර්තා නොවන මුත්, නිරක්තිය ආශ‍්‍රිත සංකුලතා ගැබිණි මවට මෙන්ම බිළිදාටද ඇති විය හැකි බවත් පෙන්වා දුන් වෛද්‍ය කපිල ජයරත්න දරුවන් අපේක්ෂා කරන කාන්තාවන් ගැබ් ගැනීමට පෙර සහ ගර්භණි කාලය තුළ ප‍්‍රශස්ත රුධිර හිමොග්ලොබින් ප‍්‍රමාණය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය.

 ඒ සඳහා යකඩ අඩංගු ප්‍රෝටීන බහුල ආහාර වන කිරි, බිත්තර, කරවල, මාළු, මස්, රනිල කුලයේ බෝග ආහාර වේල්හි අඩංගු කර ගන්නා ලෙස ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
 



අදහස් (0)

නීරක්තිය ගැබිණි මව්වරුන්ට මාරකයක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31602 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13970 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11088 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site