ගින්නෙලිය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු මවුපියන් හය දෙනකුට ඌරුබොක්ක පොලිස් වසම තුළ මාසයක කාලයක් ගතවන තුරු විරෝධතා සංවිධානය කිරිම, පැවැත්වීම සහ සහභාගීවීම වළකවාලමින් මොරවක මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා ඇති බව ඌරුබොක්ක පොලිසිය පවසයි.
පසුගිය සිකුරාදා ඌරුබොක්ක ඇඹිලිපිටිය ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමන් කළ නොහැකි අන්දමින් ගින්නෙලිය මහා විද්‍යාලය ඉදිරිපිට දී පාරේ උද්ඝෝෂණ විරෝධතා දෙකක් පැවැත්වීමෙන් මහජන සාමය කඩවීම සහ පොදු ගමනාගමනය ඇණහිටි බවත්, එවැන්නක් යළි ඇති නොවීම සඳහා ක‍්‍රියා කිරීමට මෙම තහනම් නියෝගය ඌරුබොක්ක පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ ඉදිරි දිනවල දී ද විරෝධතා උද්ඝෝෂණ පැවැත්විය හැකි බව සැකකරමිනි.
ඒ අනුව ගින්නෙලිය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පී.ජී.අමරපාල ගම්වැසියන් වන එස්.එම්.වී. ආරියසේන, දිල්පිට විතාරණගේ අනුර, ජාගොඩගේ ආනන්ද, ජී.ඩී. සුදර්ශනී දමයන්ති, ගම්හේවාගේ ශ‍්‍රීයානි යන අයට මෙම තහනම පනවනු ලැබුහ.
ගින්නලිය මහා විද්‍යාලයේ ඉදිකරගෙන යමින් තිබූ දෙමහල් ගොඩනැගිල්ලක් අතරමග නවතා දැමීම නිසා විද්‍යාලයේ පන්ති පැවැත්වීමට ඉඩකඩ මදිකමත් එය තනා දෙන ලෙස වසරකට වැඩි කාලයක් කළ ඉල්ලීම් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් නොතකා හැරීමට එරෙහිව පසුගිය සිකුරාදා (27) විදුහල ඉදිරිපිට මාර්ගය ඇඹිලිපිටිය පැත්තෙන් හරස්කර පාසල් දරුවෝ ටයර් ද පුලූස්සමින් විරෝධතාවේ නිරතව සිටියහ. එම මාර්ගය ඌරුබොක්ක පැත්තෙන් මව්පියෝ හරස්කර විරෝධතා දැක්වුහ.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නියෝජ්‍ය විදුහල්පති ඇතුළු 6 කට මාසයක් විරෝධතා තහනම්