(ජුඩ් සමන්ත)
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක පවුල් 18,836 ක පුද්ගලයින් 62,528 දෙනෙකු නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා ඒකකය සඳහන් කරයි.
නියඟය වැඩි වශයෙන් බලපා ඇත්තේ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය. මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7197 ක පුද්ගලයින් 22,694 දෙනෙකුද , පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6967 ක පුද්ගලයින් 22,505 දෙනෙකුද , මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4165 ක පුද්ගලයින් 15,860 ක්ද පීඩාවට පත්ව සිටී.
කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 320 ක පුද්ගලයින් 950 ක්ද , නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 122 ක පුද්ගලයින් 361 දෙනෙකුද , වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 65 ක පුද්ගලයින් 212 ක්ද නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා සහන සේවා ඒකකය සඳහන් කරයි.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් නවගත්තේගම , කරුවලගස්වැව , වනාතවිල්ලුව සහ පල්ලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ජනතාවට පානීය ජලය බෙදා දීම මේ වන විට ආරම්භ කර ඇත.
මුන්දලම සහ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පානීය ජලය බෙදාදීම ඉදිරි දින කීහිපය තුළ ආරම්භ කිරීමට කටයුතු කරන බව අපදා සහන සේවා ඒකකය සඳහන් කරයි.
මේ අතර නියඟය හේතුවෙන් පීඩාවට පත්වී සිටින පවුල් 45,000 ක් සඳහා වියළි සලාක ලබා දීම සඳහා වූ අනුමැතියද මේ වන විට ඉල්ලා ඇති බව පුත්තලම දිසා ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා ඒකකය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියඟයෙන් පුත්තලමේ පුද්ගලයින් 62,528 ක් පීඩාවට