රොමේෂ් මධුෂංඛ
මේ දිනයන්හි කිලිනොච්චිය දිස්ත්‍රික්කයට පවතින දැඩි නියං තත්වය හේතුවෙන් දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4ක පවුල් 24,099කට අයත් පුද්ගලයින් 81,887ක් පීඩාවට පත්ව ඇති බවට කිළිනොච්චිය ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
කිලිනොච්චිය කණ්ඩාවලෙයි, පච්චිලිපලෙයි, කරච්චි හා පූනකරී යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හතරෙහිම ජනතාවට මෙසේ පවතින වියළි කාලගුණය හේතුවෙන් ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවට කිළිනොච්චියේ ආපදා කළමනාකරණ නිලධාරීන් කියා සිටිති.
විශේෂයෙන්ම පානීය ජල ගැටලුවකට මුහුණ පෑම හේතුවෙන් පානීය ජලය සෙවීමට කිළිනොච්චියේ වැසියන් දැඩි වෙහෙසක් ගන්නා අතරම ප්‍රදේශයන්හි පිහිටි පානීය ජල ළිංද සිඳී ඇති බවට ප්‍රදේශවාසීහු කියා සිටිති.
මේ අතර කිලිනොච්චිය ධර්මපුරම්, පුලියන්පොක්කනෙයි, කල්ලාරු යන ප්‍රදේශයන්හි පිහිටි වැව් සියල්ලක්ම සිඳී යාම හේතුවෙන් සාමාන්‍ය වැසියන්ගේ දෛනික කටයුතු වලට දැඩි බාධාවක් සිදුව ඇති අතරම සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී ඇත.
මේ අතර ජනතාවට මෙන්ම ජලය නොමැති වීමෙන් ගවයින් ඇතුළු වන සතුන් ද දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති අතරම වන අලින්ද ජලය සොයා ගම්වැදීමේ අවදානමක් පවතින බවට ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටිති.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියඟයෙන් කිලිනොච්චියේ පවුල් 24,099 ක් පීඩාවට