(හේමලතා ඩි .හේවගේ)
වයඹ පළාතේ ඇතැම් ප‍්‍රදේශයන්හි පවතින දැඩි නියඟය පිළිබඳව නොතකා මෙවර යල් කන්න අස්වැද්දවීමට ගොවීන් තීරණය කර තිබේ.
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට පමණක් කඩින් කඩ වර්ෂාව ලැබුණත් නිසි වර්ෂාපතනයක් මේ දක්වා නොලැබීමෙන් ගොවීන් වැයකළ මුදල් සහ ශ‍්‍රමය පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව ඇති බවද පෙන්වා දෙන ගොවීහු පන්නල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ වෙල්පල්ල යක්විල හමන්ගල්ල යන ගොවිජන සේවා වසම් වලට අයත් කුඹුරු අක්කර අටසීයක පමණ ගොවීහු පීඩාවට පත්ව ඇතැයි කියති.
මේ සම්බන්ධයෙන් පන්නල ප‍්‍රදේශීය ලේකම් සමන්ත බණ්ඩාර වික‍්‍රමරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු කීවේ මෙවර යල් කන්නයේ කුඹුරු වගාකිරීමේ ඉතා අඩු ප‍්‍රතිශතයක් පවතින බවත් , කොට්ඨාසය තුළ තවම සිදුවනුයේ ගොවීන් කුඹුරුවල මුලික සැලසුම් පමණක් සිදු කරන බවත්ය.නිසි වර්ෂාපතනය නොලැබුණහොත් කුඹුරු විනාශවී යාමේ අවධානමක්ද ඇතැයි ඔහු සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නියඟය නොතකා වයඹ ගොවීහු කුඹුරු අස්වැද්දවීමට සැරසෙති