IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නායගිය ඉහළ වෙල්ගම - තැන්නහේන මාර්ගය ගම්වැසියෝ එක්ව හදාගනිති

(නයනදුල සෙන්දනායක)
 
නාය යෑමෙන් මුළුමනින්ම හානි වු බුලත්සිංහල පොල්ගොඩ ඉහලවෙල්ගම තැන්නහේන මාර්ගය ප්‍රදේශයේ ජනතාව විසින් පිළිසකර කර යළි ජනතා අයිතියට පත්කිරීම අද (23) සිදු  කළේය.
 
මෙම සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රදේශවාසීන් රුපියල් ලක්ෂ එකසිය පනහක මුදලක්  වැය කර තිබිණි.
               

දෙදහස් දාහතේ මැයි විසිවන දින පැවති  අධික වර්ෂාවත් සමග බුලත්සිංහල පොලේගොඩ ඉහල වෙල්ගම තැන්නහේන මාර්ගයට  කන්ද නායයාම හේතුවෙන් තැන්නහේන මාර්ගය එකේ කණුව ප්‍රදේශයෙන්  සම්පුර්ණයෙන්ම විනාශයට ලක් විය.

             

එම මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස අවතැන්  ජනතාව  වගකිවයුතු අංශවලින් ඉල්ලීම් සිදු කළද නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ප්‍රදේශවාසීන්  ‘ඉහලවෙල්ගම මාර්ගයේ නායගිය ස්ථානයේ ජනතා සංවිධානය‘ නමින් සංවිධානයක් පිහිටුවා ගනිමින් මාර්ගය නැවත යථා තත්ත්වයට ගැනීමේ වැඩ කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව මාස තුනක් පමණ තිස්සේ ප්‍රදේශවාසීන්ගේ අධාරමුදල්  උදව් උපකාර ඇතිව රුපියල් කෝටි එකහමාරක මුදලක් වැයකරමින්  මාර්ගය ඉදිකර අවට විහාරස්ථානයන්හි භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් එස්.කේ සේනාධිර, අගලවත්ත පොලිස් ස්ධානාධිපති ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන්  මෙම මාර්ගය ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරිණි.



අදහස් (2)

නායගිය ඉහළ වෙල්ගම - තැන්නහේන මාර්ගය ගම්වැසියෝ එක්ව හදාගනිති

jayantha Friday, 23 March 2018 12:42 PM

මෙන්න ආදර්ශමත් මිනිස්සු. හැමදේටම දේශපාලකයෝ පස්සේ යන්නේ නැතව ගමට යන පාර හදාගන්නවා. බොහොම අගයකලයුතු වැඩක්. සුභපැතුම්. ජයවේවා.!

:       0       16

ලපයා Saturday, 24 March 2018 05:01 AM

තමන්ගේ ගමට යන කැඩුන පාර තමුන්මගේම මුදලින් හදා ගෙන ආණ්ඩුවේ ලොක්කන්ට සැප විදින්න මේ මිනිස්සු කන බත් ඇටේ ඉදන් සැම දෙකටම බදු ගෙවනවා. කොහොමද වෙනස. ලංකාවේ මෙහෙම උනාට ලෝකේ කොහෙවත් මෙහෙම වෙන්නේ නැහැ. නියම ආදර්ශයක්. සුභපැතුම්. ජයවේවා.! ඊලග පාර ඡන්දෙ ඉල්ලන්නත් ඔය ලොක්කෝ ඔය පාරෙන්ම කෝටි ගානක සැප වාහෙනේ කින් ඇවිත් කොකා පෙන්නලා යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 751 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2404 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site