ලාංකේය නර්තනය ජාත්‍යන්තරයට ගෙන යමින් නර්තනාචාර්ය ප‍්‍රදීප් වික‍්‍රමසිංහගේ 'නමස්කාර' නර්තන ප‍්‍රසංගය මැයි 8 දා සවස 6.00 ට ඉතාලියේ මිලානෝහි දී ප‍්‍රවීණ නර්ථනාචාර්ය චන්න විජේවර්ධනයන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු එඩ්මන් ගණේගොඩ ආචාර්යවරයා යටතේ ශිල්ප හැදෑරීය. කැලණිය සෞන්දර්යය විශ්ව විද්‍යාලය, සියනෑ අධ්‍යාපන පීඨය ඔහුගේ කලා ලෝකයේ තෝතැන්න විය. චිත‍්‍ර, මූර්ති හා කැටයම් කලාව ඇතුළු කලා හැකියාවන්ගෙන් පිරිපුන් අයෙක් වූ ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංස්කෘතික කණ්ඩායමේ වසර 5 ක් පමණ සේවය කර තිබේ.
‘ප‍්‍රදීප් ශාස්ත‍්‍රා පර්ෆෝර්මින් ආර්ට ඔෆ් ශ්‍රී ලංකා’ නැටුම් කණ්ඩායම නිර්මාණය කර මේ වන විට ප‍්‍රසංග 3 ක් පවත්වා ඇති අතර ඔහු ඉදිරිපත් කර ඇති මුළු ප‍්‍රසංග ගණන 386 කි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd