නේපාලයේ එවරස්ට් කලාපයේ අයිස් ග්ලැසියර සහිත විශාල විලක ජලය ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි එරට බලධාරීන් පවසයි.
විලේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් විල් ඉවුර විනාශ කරගෙන පහත් බිම් වලට ජලය ගලා ඒමේ අවදානමක් පවතින බවට විද්‍යාඥයෝ කියති.
විලේ ඉවුරු බිඳ දමමින් විල් ජලය ගලා යාම සිදු වුවහොත් පහත බිම් වල ජීවත් වන 'ශර්පා ජාතික' ජන කොටස් එම ප්‍රදේශයෙන් ඉවත් වීමට සිදු වන අතර යටිතල පහසුකම් සහ ගොඩනැගිලි සියල්ලක්ම ජලයෙන් යටවනු ඇති බව ඔවුහු පවසති.
කාලගුණික විපර්යාසයෙන් සිදු වන හානි අවම කර ගැනීමට සහය ලබා දෙන බවට එක්සත් ජාතීන් සහ නේපාලය අතර ඇති කර ගත් එකඟතාවයේ එක් පියවරක් ලෙසයි විලේ ජල මට්ටම පහත දැමීම සඳහා පියවර ගෙන ඇති බව විදෙස් ආරංචි කියයි.

COMMENTS
අශාන්, ශර්පා ජනකොටසේ මිනිස්සු එවරස්ට් නගින්න උදවු කරන්න දැනගෙන නොහිටියා නම් එයාලට කරදරයක් වුණාට කමක් නැද්ද? (නි)
මේක හොද තීරණයක්, ශර්ප ජාතීන්ට මුකුත් වෙන්න නරකයි මොකද එයාල තමයි එවෙරස්ට් කන්ද නගින්න උදව් කරන්න පුළුවන් එකම කට්ටිය. (ම)