IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නින්දවූර්හි මුහුද ඛාදනයවීමෙන් ධීවර නිවාස අනතුරේ

(වසන්ත චන්ද්‍රපාල)
 
අම්පාර දිස්ත්‍රික්කයේ නින්දවුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දැඩි මුහුදු ඛාදනයකට ලක්වෙමින් පවතින බවද, නිවාස ඇතුළු ගොඩබිමෙන් විශාල ප්‍රමාණයක් මේවනවිටත් ඛාදනයට ලක්ව ඇති බවද  ප්‍රදේශවාසීහු පවසති.
 
ධීවරයින්ට තම ඔරු නැවැත්විය නොහැකි තත්වයක් උදා වී ඇති බවද ඔවුහු කියති.
 
මේ තත්වය දිගින් දිගටම පැවතුණහොත් නින්දවුර මුහුදු වෙරළ ආසන්නයෙන් වැටී ඇති මාර්ගයද විනාශ විමට ඉඩ ඇති බව ගම්වාසීහු කියති.
 
වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුවට සහ දේශපාලඥයින්ට පවතින තත්වය පිළිබඳව පැමිණිලි කර ඇතත් ඔවුන් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද ඔවුහු පවසති.
 
නින්දවුර් ප්‍රාදේශීය මහා ලේකම් ටී.එම්.අන්සාර් මහතා පැවසුවේ දැනට අක්කර 140 ක ප්‍රමාණයක් මුහුදු ඛාදනයට ලක්ව ඇති බවයි. මෙයට පිළියමක් ලෙස මුහුදු තීරයට ගල් අතුරාලීමට කටයුතු කිරීමට සැලසුම් කළද, ධීවර කර්මාන්ත යෙදෙන ජනතාවට බාධාවක් වීම නිසා එය ක්‍රියාත්මක නොවී තිබෙන බවද දැනට වැලි කොට්ට ගැසීමට වෙරළ  සංරක්ෂණ දෙපාර්මේන්තුව කටයුතු කරන බවද ඒ මහතා කීය.
 
වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුවේ ඉංජිනේරු කේ.එම්.රිෂාඩ් මහතාගෙන් විමසීමේදි ඔහු පැවසුවේ දැනට මෙම ප්‍රදේශයේ වැලි කොට්ට ගැසීමට මිල ගණන් කැඳවා, එය අනුමත කිරීම සඳහා ප්‍රධාන කාර්යාලයට යවා ඇති බවයි. ඔලුවිල් වරාය ආරම්භ කිරීමෙන් පසුව මේ තත්වය උදාවී ඇති අතර දැන් නැවතත් අට්ටපලම් යන ප්‍රදේශවල විශාල ප්‍රමාණයක් වැලි තැන්පත් වී ඇති බවද ඒ මහතා පැවසීය.



අදහස් (0)

නින්දවූර්හි මුහුද ඛාදනයවීමෙන් ධීවර නිවාස අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site