රොමේෂ් මධුෂංඛ
නිධන් සෙවීම වෙනුවෙන් යොදා ගන්නා නවීණ තාක්ෂණයෙන් යුක්ත අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සැකකරුවෙකු වවුනියාව කොක්එළිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.
වවුනියාව කොක්එළිය ප්‍රදේශයේ සඟවා තිබු අදාළ ස්කෑනර් යන්ත්‍රය වවුනියාව මූලස්ථාන පොලිස් බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බුද්ධි නිලධාරීන් විසින් උපාය දූතයන් වශයෙන් සිදුකළ ගනුදෙනුවකදී අදාළ සකෑනර් යන්ත්‍රය ළඟ තබාගත් සැකකරු හඳුනාගැනීමෙන් පසුව සිදුකළ හදිසි සෝදිසි වැටලීමකදී සොයා ගැනීමට හැකි වු බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව කොක්එළිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd