IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිධන් සොයන්න ගෙන ආ ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රොමේෂ් මධුෂංඛ
 
නිධන් සෙවීම වෙනුවෙන් යොදා ගන්නා නවීණ තාක්ෂණයෙන් යුක්ත අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සැකකරුවෙකු වවුනියාව කොක්එළිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.


වවුනියාව ‍කොක්එළිය ප්‍රදේශයේ සඟවා තිබු අදාළ ස්කෑනර් යන්ත්‍රය වවුනියාව මූලස්ථාන පොලිස් බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බුද්ධි නිලධාරීන් විසින් උපාය දූතයන් වශයෙන් සිදුකළ ගනුදෙනුවකදී අදාළ සකෑනර්  යන්ත්‍රය ළඟ තබාගත් සැකකරු හඳුනාගැනීමෙන් පසුව සිදුකළ හදිසි සෝදිසි වැටලීමකදී සොයා ගැනීමට හැකි වු බව පොලිසිය කියයි.


සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව කොක්එළිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 



අදහස් (0)

නිධන් සොයන්න ගෙන ආ ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site