(ඩී.ජී.සුගතපාල සහ අනීෂා මානගේ )
තංගල්ල නගලම පුරාණ විහාරස්ථානයට අයත් උඩුවිලගොඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හෑරිමට පැමිණි බව කියන පුද්ගලයින් හත් දෙනෙකු විහාරාධිපති බෝගහවැව විමලරතන හිමියන් යුද හමුදා නිලධාරින් පිරිසක්ද සමඟ එක්ව අල්ලා අද (21) තංගල්ල පොලිසියට බාරදි තිබේ.
සැකකරුවන් තංගල්ල අවට පදිංචිකරුවන් වන අතර එක් සැකකරුවෙකු තංගල්ල කාල්ටන් පොලිස්මුර පොළට අනුයුක්තව සේවය කරන කාන්තා කොස්තාපල්වරියකගේ සැමියා බවද පොලිසිය පවසයි. තංගල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd