(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසක් සඳහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (7) ඇප මුදල් තැන්පත් කිරීම සිදුකෙරිණි.
බදුල්ල මැතිවරණ කාර්යාලයේ සහකාර තේරිම්භාර නිලධාරි ඉන්දික හතුරුසිංහ මහතා හමුවේ ඇප මුදල් තැම්පත් කිරීම සිදුවිය.
ලුණුගල,ඇල්ල,බදුල්ල,මහියංගන,හල්දුම්මුල්ල,ප්‍රාදේශීය සභා සඳහාත් බදුල්ල මහ නගර සභාවට සහ හපුතලේ නගර සභාවට ඇප මුදල් තැන්පත් කිරීම මෙහිදි සිදු විණි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා, ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක යන අය බදුල්ල නගරයේ තිබෙන ප්‍රධාන ඇමැති නිල නිවසේ සිට මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් හා පාක්ෂිකයින් විශාල පිරිසක් සමඟ පාගමනින් මැතිවරණ කාර්යාලයට ගමන් කර ඇප මුදල් බැදීම සිදුකැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd