(දයාරත්න ඇඹෝගම)
මාවතවැව රජයේ රක්ෂිතයේ නිදන් හාරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් අද (06) අත්අඩංගුවට ගත්බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ පදිංචිකරුවෙක් හා ගලෙන්බිදුණුවැව මාවතවැව පදිංචි පුද්ගලයන් තිදෙනෙකි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් අනුව පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණයේදී මෙම පුද්ගලයන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් මෙම ස්ථානයේ අඩි 25 ක් පමණ ගැඹුරට පොළොවේ කැණීම් සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කළේය.
පොළොව කැණීම සඳහා භාවිතා කළ අලවංගු,උදළු වැනි ආයුධ සහ පුජා භාණ්ඩද සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd