(විජේරත්න රත්නායක සහ චන්දන කුරුප්පුආරච්චි)
හාලිඇල නිල්බෝවල ප්‍රදේශයේ ගල්කුලක් කඩා නිදන් හෑරූ බවට සැකපිට පුද්ගලයෙක් සහ උපකරණ කිහිපයක් අද (29) සවස බදුල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා ආරක්ෂණ ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා හාලිඇල නිල්බෝවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා ආරක්ෂණ ඒකකයට ලැබුණු තොරතුරක් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවර්ධන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමක් මඟින් අදාළ සැකකරු හා භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබේ.
බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 200ක් පමණ ඉහළින් ලඳු කැලෑ සහිත ප්‍රදේශයක විශාල ගල්කුළක් කඩා ඇතුළට බිංගෙයක් ආකාරයෙන් හාරා ඇති අතර දින ගණනාවක් තිස්සේ එම කැණීම් කටයුතු සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි. ඒ අසළ තිබූ යම් ආගමික චාරිත්‍රයක් සඳහා යොදාගත් බවට සැකකෙරෙන මල් පහන් වැනි පූජා උපකරණද කැණීම් සඳහා ගන්නා ගල් ඉනි, උදළු, තාච්චි සහ යකඩ දම්වැල්, විදුලි රැහැන් ඇතුළු උපකරණ රැසක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හා අදාළ උපකරණ හාලිඇල පොලිස් ස්ථානයට භාරදීමට පියවර ගනු ලැබීය.
වැඩිදුර පරීක්ෂණ බදුල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා ආරක්ෂණ ඒකකය සහ හාලිඇල පොලිසිය ඒකාබද්ධව සිදුකරන අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපතක් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිදන් හෑරූ අයෙක් අත්අඩංගුවට