වජිර ප්‍රසන්න
නිධන් වස්තු සොයා කැණීම් කළ පුද්ගලයින් 6 දෙනෙක් කදිරපුර ප්‍රදේශයේ දී අද (21 ) අත්අඩංගුවට ගත්බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි.
මෙම පිරිස දෙහිඅත්තකණ්ඩිය කදිරපුර වෙල්යායේ කැනීම් සිදුකරමින් සිට ඇත.ඔවුන් සතුව තිබු අලවංගු ,බාල්දි,වතුරමෝටර් ,වයර් රෝල් සහ පුජා භාණ්ඩ පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරුවන් සිව් දෙනෙකු දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දෙදෙනා නාවුල සහ බඩල්කුඹුර ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් හා භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd