(හේමලතා ඩී.හේවගේ)
වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය තුළ මේ වන විට ආයුර්වේද මධ්‍යස්ථාන ලෙසින් පවත්වාගෙන යන සම්බාහන ආයතන 20 න් එකකට පමණක් නීත්‍යානුකූල බලපත‍්‍ර තිබෙන බව වයඹ පළාත් ආයුර්වේද කොමසාරිස් අනුර සෙනෙවිරත්න මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ රුපියල් ලක්ෂ 85 ක් වියදමින් ඉදිකරන ලද වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවට අයත් දංකොටුව නිදහස් ආයුර්වේද මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අද (26) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.
පොල් ගෙඩි 05 ක් කැඩීමේ සොරකමක් සම්බන්ධ වරදකට සිරදඩුවම් ලබාදෙන මෙවන් වකවානුවක වෛද්‍ය සහතික , සභාවේ බලපත‍්‍ර ඇතුලු කිසිඳු බලපත‍්‍රයක් නොමැතිව පවත්වාගෙන යන නීතිවිරෝධී සම්බාහන ආයතන තහනම් කිරීම සඳහා නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ කුමන කරුණක් නිසාද යන්න පිළිබඳව නොදන්නා බව ඒ මහතා පැවැසීය.
එහෙත් පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා හැටියට තමාට පැවරී ඇති බලතල අනුව නීතිවිරෝධීව පවත්වාගෙන යන මෙවන් සියලු සම්බාහන ආයතන වටලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව හෙතම පැවසීය.
මෙම අවස්ථාව වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති කේ.ඩී සුසන්ත පෙරේරා, හිටපු වයඹ පළාත් සභා මන්ත‍්‍රී ටේරවන් ප‍්‍රනාන්දු , ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ප‍්‍රජා හා සංවර්ධන කමිටු සභාපති කිත්සිරි ප‍්‍රනාන්දු , දංකොටුව ආයුර්වේද මධ්‍යස්ථානයේ වෛද්‍ය ලක්ෂී අත්තනායක මෙනවිය යන මහත්ව මහත්වරුන් පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුර්වේද ගාවන්නේ නැතිව නියම අන්දමින් සම්බාහන ස්ථාන පවත්වාගෙන යන්න ඉඩ දුන්නනම් මේ වගේ හොර වැඩ කරන්න ඉඩ නැතිවෙයි. සදාචාරය ගැන කියාගෙන ඕව වහන්න කියනවට වඩා ප්‍රමිතිගතව පවත්වාගෙන යන්න නීති තියෙන්න ඕනේ. සංචාරකයෝ ගැන හිතල නොවෙයි මෙරටේ සදාචාරය ගැන හිතල කියන්නේ. ළමා අපචාර, නොදරුවන් සහ කාන්තා අපයෝජනය කිරීම් තරමක් හරි දුරට අඩු වෙයි.. හිතල බලන්න.