(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව, අලුත්වැව ප්‍රදේශයේදී විදුලිය සැර වැදීමකින් අද (21) අලුයම අලියෙකු මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
වගා බිමක ආරක්ෂාව සඳහා නීති විරෝධී ලෙස ඇද තිබූ විදුලි රැහැනක දැවටීමෙන් මෙම අලියා මියගොස් ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
රාත්‍රී කාලයේ අහාර සොයා යමින් සිටියදී මෙසේ අනතුරකට ලක්වී මිය ගොස් ඇති මෙම සද්ධන්තයා වස්ගමුව ජාතික වනෝද්‍යානයේ විසූ වයස අවුරුදු 25 ක් පමණ අඩි 9 1/2 පමණ උසැති සතෙකු බව වනජීවී නිලධාරීහු කියති.
නීති විරෝධි විදුලි රැහැන ඇද තිබූ ඉඩමේ හිමිකරු අද (21) උදේ අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීහු පැවසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd