IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග 5ක් අත්අඩංගුවට

(කටුනායක ටී.කේ.ජී.කපිල )

රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ හැට අට දහසක් (1,75,68,000 ) වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු අද (18) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොවුන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36, 38 , 39 , 40 සහ 42 යන වයස් වල ව්‍යාපාරිකයන් පිරිසකි .

ඔවුන් අද (18) ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් මගීන් පස් දෙනා විසින් රැගෙන ආ ගමන් මලු 06 ක රුපියල් 77,04,000 ක් වටිනා දුම්වැටි 128,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 642 ක් සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබුණි.

ඒ අතරතුර අයිතිකරුවන් නොමැතිව, ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ගමන් පථ (Belt Area) ආසන්නයේ තවත් ගමන් මලු 13ක් තිබෙන බවට රේගු නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබූ අතර, එම ගමන් මලු තුළ රුපියල් 98,64,000ක් වටිනා දුම්වැටි 164,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 822 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඒවා මෙම ව්‍යාපාරිකයන් විසින් වෙනත් ගුවන් මගීන් වෙත, ගුවන් තොටුපළෙන් පිට කිරීම සඳහා ලබා දී තිබූ දුම්වැටි තොගයක් බවට රේගුව අනාවරණය කර ගෙන තිබේ.

ඒ අනුව මෙම ව්‍යාපාරිකයන් නීතිවිරෝධී ලෙස මෙරටට  රැගෙන ආ සමස්ථ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ හැට අට දහසකි. එහි දුම්වැටි 292,800ක් අඩංගු දුම්වැටි කාටූන් 1464 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතියි.



අදහස් (0)

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග 5ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31873 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14338 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site