(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ තරුණයෙක් අද (25) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. ඔහු ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
ඔහු රැගෙන ආ ගමන් මළු දෙකක දුම්වැටි 20,000 ක් අඩංගු කාටූන් 100 ක් සඟවා ගෙන තිබී රේගු නිලධාරීන්ගේ බාරයට ගෙන ඇත.
මෙම දුම්වැටි තොගය රාජසන්තක කර, ඔහුට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවතත් කියන්න තියෙන්නේ මේ තරුණයා ලැහැස්ති කරගෙන හිටපු කස්ටම් ඔෆිසර් මොකක් හරි හේතුවක් නිසා මෙයාට උදව් කිරීමෙන් වැළකුණා කියලයි . කව්ද රුපියල් දස ලක්ෂෙක සිගරට් අරගෙන නිකන්ම කස්ටම් එකෙන් එන්නේ ??