(දිලීප් ජයසේකර)
සුරියවැව - වෙනිවැල්ආර පුරාණ විහාර පාරේකනත්ත ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය වැලි ගබඩා 02 ක් වටලා සැකකරුවන් දෙදෙනෙක් සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම එක් වැලි ගබඩාවක රුපියල් 2,70,000.00 ක් වටිනා වැලි කියුබ් 34 ක් හා අනෙක් වැලි ගබඩාවෙහි රුපියල් 22,32,000.00 ක් වටිනා වැලි කියුබ් 279 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සුරියවැව වෙනිවැල්ආර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි හා 32 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි.
කලක් තිස්සේ බලපත්‍ර නොමැතිව නීති විරෝධී අයුරින් වැලි ගබඩා දෙකක් පවත්වාගෙන යන බවට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලැබුණු තොරතුරක් මත මෙම වැටලිම සිදු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd