( සුමතිපාල දීයගහගේ)
තීරුබදු නොගෙවා නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය සිගරැට් තොගයක් සමඟ පුද්ගලයෙකු අහංගම බස් නැවතුම්පොල අසලදී අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිස් දිසා දූෂණ මර්ධන අංශය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී විදේශීය සිගරැට් 213 ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.
අහංගම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන මොහු විවිධ ආහාර වර්ග වෙළදසැල්වලට බෙදාහරින මුවාවෙන් මෙම සිගරැට් ජාවාරමකර ගෙන ගොස් ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණයවී තිබේ.
කොළඹ ප්‍රදේශයෙන් සිගරැට් ගෙනවිත් අහංගම ප්‍රදේශයෙදී අලෙවි කරන බව සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදී අනාවරණයවී ඇත.
සැකකරු අද (14) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd