(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නීති විරෝධී දුම්වැටි තොගයක් වෑන් රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අද (06) කරුවලගස්වැවදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව නගරයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත අදාල සැකකරුවන් හා රුපියල් ලක්ෂ හයකට ආසන්න සිගරට් 8400 ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සිගරට් තොගය විදේශ රටකින් තීරු බදු රහිතව රැගෙන විත් ඇති බවත් එසේ රැගෙන එන සිගරට් වෙළද සැල් වෙත අලෙවි කිරීම සිදුව ඇති බවත් විමර්ශනවලදි හෙළිවි තිබේ.
එසේම මෙම සිගරට් ශ්‍රී ලංකාව තුල අළෙවි කිරීම තහනම් බව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීයෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සිගරට් තොගය , සැකකරුවන් සහ වෑන් රථය සාලියවැව පොලිසියට භාර දී ඇත.
සැකකරුවන් හෙට (07) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

2025 දෙසැම්බර් මස 04
742
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නීති විරෝධී දුම්වැටි 8400 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට