අනුරාධපුර නාගරික කොමසාරිස් රෝහණ සම්පත් ධර්මදාස (39) තම නිවසේ සේවය කළැයි කියන සේවිකාවකට (52) අතවර කළැයි සැකපිට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා සාක්කිකාරියට බලපෑම් නොකරන ලෙසද අවවාද කළේය.
ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට කියා සිටියේ නගරයේ ඉඩම් කොල්ලකන පිරිසක් විසින් පිහිටුවාගත් බව කියන සංවිධානයක කුමන්ත්‍රණයක් ලෙස බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
පැමිණිලිකාරියගේ නීතිඥවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පැවසූයේ පැමිණිල්ල ඔප්පු කළ හැකි බවයි.
නඩුව ලබන අගෝස්තු 1 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd