(අමල් වික්‍රමරත්න)
ගාලු දිස්ත්‍රික්කයේ බහුදින ධීවර යාත්‍රා හිමියන් සදහා ටැබ් යන්ත්‍ර ලබාදීමේ උත්සවයක් ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේදී ඊයේ (16) පැවැත්විණ.
මෙහිදී රුපියල් 790 000 වටිනා ටැබ් යන්ත්‍ර ධීවර යාත්‍රා හිමිකරුවන් වෙත නොමිලයේ ලබා දුන්නේය.
මේ අතර ගාලු දිස්ත්‍රික්කයේ ධීවර ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු වැඩි දියුණු කිරීම සහ නිවාස අලුත්වැඩියා කිරීම සදහා ධීවර පියස සහ සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල යටතේ දහනම ලක්ෂ අසුදහසක මුදලක් ද පිරිනැමිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ටැබ් මාළු දැලට සවිකරලා මුදට දාපුවම ඉන්ටෙර්නෙට් බලන්න එන මාළුවන් ලේසියෙන් අල්ලගන්න පුළුවන්නේ.
මොකද්ද හේතුව? බහුදින ධීවර යාත්‍රා අයිතිකරුවෙක් නම් මුදල් නැතුව අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක් නොවෙයි. මේවා තනිකර දේශපාලන අල්ලස්. බොහෝ රටවල මේ වගේ දේවල් කරන දේශපාලකයන් නවතින්නේ හිරේ. මේ මුදල් වලින් දුප්පත් ධීවරයන්ට මොන තරම් දේවල් කර දෙන්න පුලුවන්ද?
ඔය බෝට්ටු හිමිකරුවන්ට ටැබ් එකක් ගන්න වත්කමක් නැද්ද ? මේවා මහා විහිළු. කරන්න ඕන හරිනම් ඔය මුදලෙන් මාළු පැටවූ ටිකක් බිහිකරලා මූදට ගඟට දාන එකයි .