IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ධීවරයන් රකින්න ධීවර ඇමැති දැල් එළයි

ධීවර යාත්‍රා ධීවර වරායන්වලින් පිටත්වීමට පෙර ජීවිත ආරක්ෂක කබා ඇත්දැයි සොයා බලන ලෙසත්, මින් ඉදිරියට ජීවිත ආරක්ෂක කබා නොමැති ධීවර යාත්‍රාවලට දියඹට යාමට නොදෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

තංගල්ල දිස්ත්‍රික් ධීවර කාර්යාලයේදී ධීවරයන්ට ජීවිත ආරක්ෂක කබා හා දැල් ආම්පන්න ලබාදීමේ අවස්ථාවට (13) සහභාගී වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ධීවරයන් වැඩි පිරිසකට රජය මගිනුත් විවිධ ආයතන මගිනුත් ජීවිත ආරක්ෂක කබා ලබාදී තිබුණත් ඒවා පැළඳගෙන තම රැකියාවේ යෙදෙන බවක් පෙනෙන්නට නොමැති අතර, යම් සිදුවීමක් සිදු වූ විට අවසානයේ රජයට දෝෂාරෝපණය කරන බවත් ඒ මහතා පවසා සිටියේය. එම නිසා අනතුරකදී භාවිතා කිරීමට හෝ ආරක්ෂිත කබා ධීවර යාත්‍රාවේ රැගෙන යන ලෙසත්, ඒ පිළිබඳව නාවික හමුදාවට, වෙරළ ආරක්ෂක බළකායට, ධීවර දෙපාර්තමේන්තු නිළධාරීන්ට දැනටමත් උපදෙස් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මේ සියලු කටයුතු සිදුකරන්නේ ධීවරයා රැක ගැනීමට බැවින් එවැනි උපදෙස් පිළිපදින ලෙස ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

mahinda_20151214883_700081879_n



අදහස් (0)

ධීවරයන් රකින්න ධීවර ඇමැති දැල් එළයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1979 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site