(චමිල් රූපසිංහ)
මධ්‍යම පළාතට ආවේනික සංස්කෘතිකාංග දළදා මාලිගාවේ ප්‍රවිෂ්ට දොරටුව ඉදිරිපිට පස්වරු කාලයේ ඉදිරිපත් කිරීම සඳහා පාසල් සිසුන්ට අවස්ථාව ලබා දෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවැසීය.
මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලා අද (03) පෙරවරුවේ බැහැදැක එම වැඩපිළිවෙල සම්බන්ධව උන්වහන්සේලා දැනුවත් කිරීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.
මෙම සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීමට සුදුසු ස්ථානයක් නොමැති බවත් මෙම සංස්කෘතිකාංග ප්‍රවර්ධනය කිරීම් අරමුණින් නොයෙක් පාර්ශ්ව වලින් අදහස් ඉදිරිපත් වන බවත් එය සැලකිල්ලට ගෙන අදාළ අවසරය මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලා දෙනමගෙන් ලබා ගත් බවත් ආණ්ඩුකාරවරයා කීය.
සෑම දිනකම පස්වරු 4.30 සිට 5.30 දක්වා පාසල් සිසුන්ට දළඳා මාලිගාව ඉදිරිපිට මල් අළෙවි කරුවන් සිටින ස්ථානය ආසන්නයේ කන්ද උඩරටට ආවේනික නර්තනාංග ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බවද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ඇත්තටම හිතාගන්න බෑ මේ නර්තන දැක්වීමෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල
මොකක්ද මෙකේ අරමුණ?
දළදා මාලිගාව ඉදිරියේ කල යුත්තේ නැටුම් නටන එක නොවෙයි පුජනීය ස්ථානයකට ගැලපෙන පරිසරයක් ඇති කිරීමයි. සංචාරකයන්ට නැටුම් පෙන්වන්න ඕන නම් වෙනත් ස්ථානයක් ඒ සඳහා සොයා ගත යුතුයි.