(චමිල් රූපසිංහ)
මධ්‍යම පළාතට ආවේනික සංස්කෘතිකාංග දළදා මාලිගාවේ ප්‍රවිෂ්ට දොරටුව ඉදිරිපිට පස්වරු කාලයේ ඉදිරිපත් කිරීම සඳහා පාසල් සිසුන්ට අවස්ථාව ලබා දෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවැසීය.
මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලා අද (03) පෙරවරුවේ බැහැදැක එම වැඩපිළිවෙල සම්බන්ධව උන්වහන්සේලා දැනුවත් කිරීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.
මෙම සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීමට සුදුසු ස්ථානයක් නොමැති බවත් මෙම සංස්කෘතිකාංග ප්‍රවර්ධනය කිරීම් අරමුණින් නොයෙක් පාර්ශ්ව වලින් අදහස් ඉදිරිපත් වන බවත් එය සැලකිල්ලට ගෙන අදාළ අවසරය මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලා දෙනමගෙන් ලබා ගත් බවත් ආණ්ඩුකාරවරයා කීය.
සෑම දිනකම පස්වරු 4.30 සිට 5.30 දක්වා පාසල් සිසුන්ට දළඳා මාලිගාව ඉදිරිපිට මල් අළෙවි කරුවන් සිටින ස්ථානය ආසන්නයේ කන්ද උඩරටට ආවේනික නර්තනාංග ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බවද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දළදා මාලිගාව ඉදිරියේ සම්ප්‍රදායික නර්තන ඉදිරිපත් කිරීමට පාසල් සිසුන්ට අවස්ථාව
raajun Wednesday, 03 July 2019 01:32 PM
මට ඇත්තටම හිතාගන්න බෑ මේ නර්තන දැක්වීමෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල
Chinthana Agampodige Wednesday, 03 July 2019 07:32 PM
මන් හිතන්නේ සංචාරක ප්‍රවර්දනය ලෝකයේ බොහොම ආකර්ශනීය සංචාරක ස්මාරක මේ දේවල් සිදුවෙනවා. එයින් කලාව ගැන යම් අවබෝධයක් ඔවුන්ට ලැබෙයි.
දිමුත් Thursday, 04 July 2019 04:17 AM
මොකක්ද මෙකේ අරමුණ?
ලුම්බිණි Thursday, 04 July 2019 04:46 AM
දළදා මාලිගාව ඉදිරියේ කල යුත්තේ නැටුම් නටන එක නොවෙයි පුජනීය ස්ථානයකට ගැලපෙන පරිසරයක් ඇති කිරීමයි. සංචාරකයන්ට නැටුම් පෙන්වන්න ඕන නම් වෙනත් ස්ථානයක් ඒ සඳහා සොයා ගත යුතුයි.