(අශෝක තිලකරත්න)
දෙවිනුවර විෂ්ණු දේවාලයේ පිංකැටය කඩා එහි මුදල් සොරකම් කළ තරුණයෙකු අද (02) අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු දෙවිනුවර පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.
සැකකරු මුදල් සොරකම් කර ගෙන යන අයුරු දේවාලයේ ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී ඇතැයි ද පොලිසිය කීය.
සැකකරු අද (02) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගන්දර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd