(සමන් පාලිත නානායක්කාර)
බලපත්‍ර රහිතව වැලිමඩ බොරලන්ද සිට රත්නපුර දක්වා ග්‍රාන්ටීස් වර්ගයේ දැව කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පුද්ගලයෙකු සමග හල්දුම්මුල්ල පොලිස් මාර්ග බාධක යේ දී අද (15) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය කියයි.
හල්දුම්මුල්ල පොලිස් මාර්ග බාධක යේදී සැකකටයුතු ලොරිය පරික්ෂා කිරීමේදී දැව කඳන් 16 යක තොගයක් අසුරා ලොරිය පිටුපස දොරවල් වසා සඟවාගෙන ප්‍රවාහනය කරමින් තිබියදී පොලිසියට හසුවී තිබේ.
සැකකරු වැලිමඩ බොරලන්ද පදිංචි 48 වැනි වියෙහි පසුවන අයකු බවද පොලීසිය කියයි.
දැව තොගය සමග ලොරිය සහ සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්නද සිල්වා මහතාගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂක බී එම් එස් බී දයාසේන මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දැව කඳන් 16 ක් හොරට ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට