(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන 14හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කළ බව කියන 44 හැවිරිදි ආපන ශාලා හිමියෙකු අද(08) අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර කඩ දොලහ ප්‍රදේශයේ ආපන ශාලාවක් පවත්වා ගෙන ගිය 44 හැවිරිදි ආපනශාලා හිමියෙකි. මොහු අනුරාධපුර පුලියන්කුලම පදිංචිකරුවෙකි.
අපයෝජනයට ලක්ව ඇති පිරිමි දරුවාද අනුරාධපුර නගරයේම පදිංචි කරුවෙකි.
පියා නොමැති මෙම දරුවා සිය මවත්, සොයුරාත් සමග ජීවත්වන අතර මව අනුරාධපුර මහජන වෙළඳපළේ වෙළදාමේ නිරතව සිටින්නීය.
ආර්ථික දුෂ්කරතා නිසා මෙම දරුවාද පාසල නිමවීමෙන් පසුව සැකකාර ආපන ශාලා හිමිගේ ආපන ශාලාවේ සේවය කරන බව පොලිසිය කියයි. මෙසේ සේවය කරන අතරතුර සැකකරු මෙම පාසල් සිසුවා ආපන ශාලාව පසුපසට රැගෙන ගොස් ඔහු කිහිපවාරයක්ම අපයෝජනය කර ඇතැයි පොලිසිය කියයි.
අපයෝජනයට ලක්වු මෙම සිසුවා සිය මවට මේ පිළිබදව කල දැනුම් දීමෙන් පසුව මව විසින් අනුරාධපුර පොලිසියට කල දැනුම්දීම මත සැකකරු මේසේ අත්අඩංගුවට පත්ව තිබුණි.
2025 දෙසැම්බර් මස 04
742
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දරුවකු අපයෝජනය කළ ආපන ශාලා හිමියෙකු අත්අඩංගුවට