(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව ඩී 02 ප්‍රදේශයේ කුඹුරු යායකදී 13 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කළ බව කියන පුද්ගලයකු අද(08) කිවුලේකඩදී අත්අඩංගුවට ගත්බව ගලෙන්බිදුණවැව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කිවුලේකඩ, කොකාවැව, ගලෙන්බිදුණුවැව යන ලිපිනයේ පදිංචි 33 හැවිරිදි විවාහකයෙකි.
සැකකරු දරුවාගේ පියාට අයත් කුඹුරක වැඩ කරන්නෙකු බවත්, ඔහු පොහොර රැගෙන ගොස් කුඹුරට ඉසීමේ අරමුණෙන් එම නිවසට ගොස් ඇති බවත්, පසුව දරුවාද කැඳවාගෙන කුඹුරට ගොස් බරපතල ලෙස අපයෝජනය කර ඇති බවත් දෙමාපියන් පොලිසියට පැමිණිලි කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු අද(08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඩුවම් දිය යුතුයි.