(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව ඩී 02 ප්‍රදේශයේ කුඹුරු යායකදී 13 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කළ බව කියන පුද්ගලයකු අද(08) කිවුලේකඩදී අත්අඩංගුවට ගත්බව ගලෙන්බිදුණවැව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කිවුලේකඩ, කොකාවැව, ගලෙන්බිදුණුවැව යන ලිපිනයේ පදිංචි 33 හැවිරිදි විවාහකයෙකි.
සැකකරු දරුවාගේ පියාට අයත් කුඹුරක වැඩ කරන්නෙකු බවත්, ඔහු පොහොර රැගෙන ගොස් කුඹුරට ඉසීමේ අරමුණෙන් එම නිවසට ගොස් ඇති බවත්, පසුව දරුවාද කැඳවාගෙන කුඹුරට ගොස් බරපතල ලෙස අපයෝජනය කර ඇති බවත් දෙමාපියන් පොලිසියට පැමිණිලි කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු අද(08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දරුවකු අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට
දිමුත් Monday, 08 July 2019 10:51 AM
උපරිම දඩුවම් දිය යුතුයි.