(  නිශාන්ත කුමාර සහ කේඩී  රත්න)


කොළඹ අතුරුගිරිය ප්‍රදේශයේදී කුඩා දරුවෙකු    අපයෝජනය කිරීමෙන් අනතුරුව පලාගොස්   වියළුව   ප්‍රදේශයේ  විහාරස්ථානයක සැඟවී සිටි චීවරධාරියෙකු අද  (24)  උදෑසන  සැකපිට  අත්අඩංගුවට ගත් බව බදුල්ල  පොලිසිය පවසයි


 අපයෝජන සිද්ධියෙන් පසුව අදාළ චීවරධාරීයා  ඔහු වැඩ විසූ අතුරුගිරිය  විහාරස්ථානයෙන් අතුරුදහන්ව ඇති අතර ඒ පිළිබඳව ලද පැමිණිල්ලක් මත ළමා රක්ෂණ අධිකාරිය   මෙරට සියලුම පොලිස් ස්ථාන වෙත ඒ සම්බන්ධයෙන්  දැනුම් දීමට පියවර ගෙන ඇත


  බදුල්ල පොලිසිය වෙත ලද තොරතුරක් මත බදුල්ල පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක    එරික් රෝහිත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (24) උදෑසන මොහු අත් අඩංගුවට ගෙන ඇත


  සිද්ධීයෙන් පසුව පලා ආ මෙම චීවරධාරියා වියලුව ප්‍රදේශයේ විහාරස්ථානයකට වී රෝගීන් සදහා ප්‍රතිකාර කර ඇතැයිද පොලිස් පරීක්ෂන වලදී අනාවරණය වි ඇත.


අත්අඩංගුවට  ගත් චීවරධාරියා අද (24) දින බදුල්ල මහේස්ත්‍රාත්වරයාවෙත ඉදිරිපත් කිරීමට නියමිතය. බදුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂන පවත්වයි