(ඩී.ජී.සුගතපාල)
දහතුන් හැවිරිදි දැරියක් නාන කාමරයේ සිට ඇඳුම් මාරු කරන අයුරු ජංගම දුරකතනයෙන් වීඩියෝ ගතකරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු අද (23) වරාය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
කොස්තාපල්වරයාගේ බිරිඳට අයත් වරාය පොලිස් වසමේ පිහිටි නිවසේ කොටසක් බදුදී ඇති අතර එහි මෙම දැරිය සහ ඇයගේ දෙමව්පියන් පදිංචිව සිට ඇත.
තම සොහොයුරිය නාන කාමරයේ ඇඳුම් මාරු කරන අයුරු වීඩියෝ කර ඇති බව දැනගැනීමෙන් පසු ඇයගේ සහෝදරයා විසින් වරාය පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පොලිස් කොස්තාපල්වරයා හෙට (24) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාවගේ ආරක්ෂාවට සිටින නිලධාරීන් මෙවන් ක්‍රියාවන් වල නිරත වෙන්නේනම් අනිකුත් සේවාවන් ගැන කුමන කතාද ? අප තදින්ම විස්වාස කරනවා ගරු අධිකරණය මොහුට උපරිම දඩුවම් ලබා දෙයි කියා.