(ජේ.කේ.එල්.චාමින්ද)
දස හැවිරිදි දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ 70 හැවිරිදි සාමදාන විනිසුරුවරයෙකු හා ඔහුගේ මිතුරෙකු අත්අඩංගුවට ගත්බව අක්මීමන පොලිසිය පවසයි.
සාමදාන විනිසුරුවරයා මෙම දැරිය සිය ත්‍රීරෝද රථයෙන් පාසලට රැගෙන යාම සිදුකරන බවත් මොහු මෙම දැරිය තම මිතුරාගේ නිවසට රැගෙන ගොස් එහිදි දෙදෙනා එක්වි දැරිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බවත් පොලිසිය කියයි.
මේ පිළිබඳව හෙළි කළහොත් දැරියගේ මව මරාදමන බව දැරියට තර්ජනය කොට ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී ඇත.
දැරිය නිවසකට රැගෙන යන අයුරු දුටු අසල්වැසියකු මේ ගැන දැරියගේ මවට පවසා ඇත.ඒ අනුව දැරිය මවට සිද්ධිය පවසා ඇති අතර පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සාමදාන විනිසුරුවරයා හා ඔහුගේ මිතුරා අක්මීමන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියක අපයෝජනය කළ සාමදාන විනිසුරුවරයකු අත්අඩංගුවට