IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දැරියක් අපයෝජනය කළ අයෙක් සිව් වසරකට පසු අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)
 

පහළොස් හැවිරිදි දැරියකට අතවර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය මහාධිකරණයේ වරෙන්තු ලබා සිටි විත්තිකරුවෙකු සිව්වසරක්  සැඟව  කරාපිටිය රෝහලේ  පෞද්ගලික  උපාස්ථායකයකු ලෙස සේවයේ යෙදී සිටියදී ගාල්ල පොලිසිය අද (10) අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම සැකකරු කුලියාපිටියේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙකු වන අතර මෙයට වසර 15 කට පමණ පෙර විශේෂ අවශ්‍යතා සහිත මෙම  දැරිය දූෂණය කිරිමේ චෝදනාව යටතේ කුලියාපිටිය මහාධිකරණයේ විභාග වන නඩුවේ විත්තිකරුවෙකි.
 
විත්තිකරු මහාධිකරණයෙන් ඇප ලැබිමෙන් පසු අධිකරණය මගහැර මෙයට වසර හතරකට පමණ පෙර අකුරැස්ස ප්‍රදේශයට පැමිණ වෙනත් විවාහයක් කරගෙන පෞද්ගලික උපස්ථායක ආයතනයකට බැඳි කරාපිටිය රෝහලේ සේවයේ යෙදි සිටියදි ලැබුණු තොරතුරක් මත අත් අඩංගුවට ගෙන ඇත. 
 
සැකකාර විත්තිකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරය මගින් කුලියාපිටිය මහාධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

දැරියක් අපයෝජනය කළ අයෙක් සිව් වසරකට පසු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site