ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.
මත්ද්‍රව්‍ය වැනි සමාජයට අහිතකර සියලූ බලවේගයන් මර්දනය පිළිබඳව ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු අතර, ඒ වෙනුවන් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
අද (01) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින් ජනපතිවරයා මෙසේ කීය.
පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ 2018 වසරේ ප්‍රගතිය සහ 2019 වසරේ සැලසුම් පිළිබඳ මෙහි දී සමාලෝචනයට ලක් කෙරිණි.
වසර ගණනාවක් පුරා සංවර්ධනය අතපසු වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් 2018 වසරේ රුපියල් මිලියන 9615 ක මුදලක් වැය කර තිඛෙන බවත්, එහි මූල්‍ය ප්‍රගතිය සියයට සියයක් බවත් දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.
දිළඳුකම තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී විමසා බැලූණු අතර, රාජ්‍ය ආයතනවල පවතින මානව සම්පත් හිඟයට විසඳුම් ලබාදීම පිළිබඳව ද අවධානය යොමු විය.
නව බස් නැවතුම්පොළේ ඉදිකිරීම්, කසළ කළමනාකරණ වැඩසටහන් ඇතුළු පොළොන්නරුව නගර සංවර්ධන කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් විය.
පවතින කාලගුණික තත්ත්වය සමග කෘෂිකාර්මික කටයුතුවල නව පිබිඳීමක් ඇති වී තිබෙන අතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන්,පිබිදෙමු පොළොන්නරුව, වැඩසටහන යටතේ විශේෂ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
රැක් රෝපණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර පළාත් අධ්‍යාපන කාර්යාලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධ ව පාසල් දරුවන් වෙත පැළ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2019 ජනවාරි 1 වෙනිදා අප අපගේ මුල් පුරවැසියාට මෙසේ පැවසීමට කැමැත්තෙමු. ඔබ ඇතුළු 225 ක් වූ මහජන නියෝජිතයන් අඩුතරමින් අද දින සිටවත් තමත්ම විනාශ කරන මහජන මුදල් ඉතුරු කරන්නේනම් එනම් අර උත්සව, මේ උත්සව, අනවශ්‍ය ගමන් බිමන් එමගින් විශාල මුදලක් ඉතුරු කරගැනීමට හැකි බවනම් ස්ථිරය. අනුන්ට කියනවාට වඩා තමාම එය ක්‍රියාවෙන් කර පෙන්නනේනම් වඩාත් සුදුසු බව අප නොබියව පවසන්නෙමු. තවද 225 උ මහජන නියෝජිතයන් සුදුපිරුවට ඇන්ද පමණින් පිරිසුදු මිනිසුන් නොවන බව ඔබ ඇතුළු 225 වූ ගවයන් මෙමොහොතේදීත් ඔප්පු කර ඇත.