IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දියබෙදුම රෝහලේ ප්‍රතිකාර දහවල් පමණයි

(ඩබ්.ඒ.පියතිලක)

ඇලහැර දියබෙදුම ප්‍රාථමික රෝහල වෛදවරු නොමැතිකමින් නේවාසික රෝගීන්  බාර නොගන්නා බවත් දිවා කාලයේ පමණක් ප්‍රතිකාර කර රාත්‍රී කාලයේ රෝහල වසා  දමන  බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම රෝහල වසර 40ක කාලයක් සිට ගම්මාන  20ක ජනතාව දිවා රාත්‍රී දෙකේම  ප්‍රතිකාර ගෙන තිබෙන ගම්මු පවසති.

නේවාසික රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අංග සම්පුර්ණ වාට්ටු සංකීර්ණ දෙකක් සහිතව රෝගීන් 40කට ප්‍රතිකාර ලබා ගැනිමට  පහසුකම් තිබේ.

මේවන විට එම රෝහලේ කාර්ය මණ්ඩලය ලෙස එක් වෛද්‍යවයකු, හෙදියන් සිව් දෙනෙකු ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩලය  15 ක් සේවය කරති.

පසුගිය වසර දෙක තුළ රුපියල් ලක්ෂ 110ක මුදලක් වැය කර වෛද්‍යවරුන්ගේ නිල නිවාස ඇතුළු  අංග සම්පුර්ණ රෝහලක් බවට පත් කලත් වෛද්‍යවරු නොමැති වීමෙන් රෝහල වසා දැමීමට ආසන්න වී ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන්  පොලොන්නරුව ප්‍රදේශීය සෞඛ්‍ය අධක්ෂක වෛද්‍ය ඩී.එස්.ඒ. ජයසිංහ මහතා මෙසේ කීය.

‘මෙම රෝහලේ වෛද්‍යවරු තිදෙනෙක් හිටියා මීට මාසයකට පමණ පෙර. එයින් එක් වෛද්‍යවරයකු සේවය හැර ගියා. අනික් වෛද්‍යවරයාට ස්ථාන මාරුවීමක් ආවා. පසුව ඒ වෛද්‍යවරයා පමණ උපදෙස් දුන්නා වෙනත් වෛද්‍යවරයෙක් එනතුරු  ස්ථාන මාරුවිම අනුමත කළ නොහැකි බව නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරින්ගේ උපදෙස් පරිදි  එම වෛද්‍යවරයාගේ ස්ථාන මාරුවිම සිදු කිරිමට මට සිදු වුණා. 

පසුව එක් වෛද්‍යවරයකුට දිවා රාත්‍රි එක දිගටම සේවය කළ නොහැකි නිසාත් ප්‍රාථමික රෝහලක් ලෙස පවත්වාගෙන යැමට නොහැකි බැවින් උපදෙස් දුන්නා දිවා කාලයේ පමණක් රෝගීන්ට ප්‍රතිකාර කර රාත්‍රී කාලයේ ‍නේවාසික රෝගීන් පොලොන්නරුව මහ රෝහල වෙත ඒවා රෝහල වසා දමා වෛද්‍යවරු ලැබෙන තෙක් මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස පවත්වාගෙන යන ලෙස උපදෙස් ලබා දුන්නා. මෙම රෝහලට වෛද්‍යවරු තිදෙනෙකුගේ අවශ්‍යතාවය තිබෙනවා. මෙම රෝහල ප්‍රාථමික රෝහලකට අවශ්‍ය පරිදි අංග සම්පුර්ණව  සියලු පහසුකම් ලබා දී තිබුණත් වෛද්‍යවරුන්ගේ හිඟය මුල් කර ගනිමින් මේ අයුරුන් රෝහල පවත්වාගෙන යනවා යැයි කීය.



අදහස් (0)

දියබෙදුම රෝහලේ ප්‍රතිකාර දහවල් පමණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site