(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
හඟුරන්කෙත උනන්තැන්න ප්‍රදේශයේ කුඩා ජලාශයක දියනෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලි මියගොස් තිබේ.
එම ප්‍රදේශයේ කුඩා ජලවිදුලි බලාගාරයක් සඳහා ඉදිකර ඇති මෙම ජලාශයේ දියනෑමට ගිය පාසල් සිසුන් 06 දෙනෙකු අතුරින් එක් සිසුවෙකු මෙලෙස දියේ ගිලි මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 16 හැවිරිදි මහනුවර මාරස්සන උඩුදෙණිය, ප්‍රදේශයේ පදිංචිව සිටි 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකු බව සදහන්ය.
මෘත ශරිරය පිලිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය රිකිල්ලගස්කඩ රෝහලේදී සිදුකිරීමට නියමිත අතර හඟුරන්කෙත පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd