IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


දියණිය අපයෝජනය කළ පියා රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
එකොළොස් හැවිරිදි දියණියව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ සැකකාර පියෙකු 29දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (17) නියෝග කළාය.
 
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ අක්මිමණ පොලිස් වසමේ පදිංචි ගාල්ල නගරයේ හෝටලයක සේවය කරන 30 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ  කලක සිට බිරිඳ නිවසින් පිටතට ගිය අවස්ථාවලදී දියණියව අපයෝජනය කර කිසිවෙකුට නොකියන ලෙස මරණ තර්ජන කර ඇති බවත් දැරිය මේ පිළිබඳව මවට පවසා ඇති බවත්ය.
 
දිනක් දියණියට අතවර සිදු කරනු මව දැක ඇති අතර එහිදි ඔවුන් අතර ආරවුලක් ඇතිවී තිබෙන බවත් පසුව මව සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය කියාසිටියේය.
 
අක්මීමණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අමරසේන මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා නිශාන්ති, සැරයන් ලක්ෂ්මන් යන මහත්ම මහත්මින් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.



අදහස් (0)

දියණිය අපයෝජනය කළ පියා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32095 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14566 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11253 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 42 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 310 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1255 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site