(කාංචන කුමාර ආරියදාස )
දඹුලු විහාරය වන්දනා කිරීමට පැමිණ පන්සලේ වැවේ දියනෑමට ගොස් දියේ ගිලෙමින් සිටි අයකු ගේ දිවි බේරා ගැනීමට දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම සහ දඹුල්ල ජල ක්‍රීඩා සමාජයේ සාමාජිකයන්ට හැකිවිණි.
මෙසේ දිවි බේරාගෙන ඇත්තේ දොඩන්ගස්ලන්දමුත්තෙට්ටු යාය පදිංචි ආර් .කේ .ඩී. සරත් සිසිර කුමාර (34) නමැත්තාගේ ය.
දඹුල්ල පොලිසියට සම්බන්ධ පොලිස් සැරයන් ජීවිතාරක්ෂක උපදේශක සුනිල් විජේසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ජීවිතාරක්ෂක කණ්ඩායම වසර කීපයක සිට මේ ආකාරයෙන් බේරාගත් 71 වැන්නා මොහුය.
කණ්ඩලම .ඉබබන්කටුව ,පන්සලේවැව .හා රන්දෙනිය වැවේ මේ ආකාරයෙන් දියේ ගිලුණු පිරිස් බේරාගෙන ඇති අතර ගංවතුරට ගසාගෙන ගිය ජිවිත කීපයක්ද මේ ආකාරයෙන් බේරාගෙන තිබෙන බව දඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසිය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd