(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පදික මාරුවේදී පාර මාරුවෙමින් සිටි කාන්තාවක් ත්‍රීරෝද රියක ගැටීමෙන් මියගොස් ඇති බව දඹුල්ල පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගලේවෙල තලකිරියාගම පදිංචි ප්‍රියන්ති මොනිකා(42) නමැති එක්දරු මවකි . දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී සේවය කරන නීතිඥවරියකගේ සහායිකාවක් ලෙස මියගිය කාන්තාව සේවය කරමින් සිටියාය.
ත්‍රී රෝද රථයේ ගැටීමත් සමග මීටර් 30ක් පමණ දුරට විසි වී පෞද්ගලික අවශ්‍යතාවයකට එහි පැමිණ සිටි එක්සත් ජාතික පක්ෂ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතාගේ කකුල් දෙක ළඟ තුවාලකාරිය වැටී ඇතැයි කියති.
ඇය රෝහල වෙත රැගෙන යෑම සඳහා තිස්ස බණ්ඩාර හේරත් මහතා ඉදිරිපත් වී ඇතත් දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය ගියාය.
අනතුර සිදුකළ ත්‍රීරෝද රථය සමග එහි රියදුරු සැකපිට දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd