( ක.ග කරුණාරත්න)
දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා අද (02) පෙරවරුවේ පැවැති මංගල සභා රැස්වීමේදී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ජයන්ත මාරසිංහ මහතා සභාපතිවරයා ලෙස තේරී පත් විය.
උප සභාපති ධූරය හිමි වුයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආර්.එස්.කේ දේශප්‍රිය මහතාට හිමිවිය.
උතුරු මැද පළාත් පාලන කොමසාරිස් එම්. කොඩිප්පිලිආරච්චි මත්මියගේ ප්‍රධානත්වයෙන් දිඹුලාගල ප්‍රාදේශිය සභා ශ්‍රවනාගාරයේදී මෙම රැස්වීම පැවැත්විණි.
දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව 21 ක් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රීධූර 07 ක්ද,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 07 ක්ද, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 06 ක් සහ ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රීධූරයක් ලෙස හිමිව තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ වැඩිම මන්ත්‍රී කොට්ඨාස සංඛ්‍යාව දිනා ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd