(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
දිඹුල - පතන පොලිස් වසමට අයත් “ග්‍රේග්ලි” තේ වතුයායේ සැරිසරමින් සිටි හඳුන් දිවි පැටවුන් දෙදෙනෙක් අද (09) වැනිදා එම වත්තේ කම්කරුවන් විසින් සොයාගෙන ඇත.
ග්‍රේග්ලි තේ වතුයායේ කුඩා ළමයින් පිරිසක් ක්‍රීඩා කරමින් සිටියදී ඔවුන් බළල් පැටවුන් දෙදෙනෙක් සිටින බවට එම වත්තේ වැඩිහිටියන්ට පැවසීමෙන් අනතුරුව මෙම කුඩා දිවි පැටවුන් දෙදෙනා හමුවී ඇත.
වතු කම්කරුවන් විසින් මෙම දිවි පැටවුන් දෙදෙනා දිඹුල-පතන පොලීසියට භාර දී ඇති අතර. නුවරඑළිය වනජීවි කාර්යාලයට දිවි පැටවුන් දෙදෙනා බාරදිමට පියවර ගන්නා බව දිඹුල - පතන පොලීසියේ නිලධාරියෙක් පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd