(කාංචන කුමාර ආරියදාස)
කලා වැවට ජලය රැගෙන යන දඹුලු ඔයේ දඹුල්ල හබරත්තාවල නාවාගස්හින්න ප්‍රදේශයේ මහාපරිමාණ වැලි ජාවාරමක් වටලා පුද්ගලයන් දෙදෙනෙකු සහ වැලි රැගෙන ගොඩට එමින් තිබු පාරුවක් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් හමුදාව ගුවනින් ලබාගත් දර්ශන අනුව එම ස්ථානය වටලා පිරිස අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත. කාලයක් තිස්සේ සිදු වන මෙම වැලි ජාවාරම නිසා ඇල ඉවුරු විශාල වශයෙන් කපා පරිසර විනාශය ද සිදු වී තිබේ.
වැටලිම සිදු කරන අවස්ථාවේ එතැන සිටි තවත් පුද්ගලයන් දහතුන් දෙනකු දඹුලු ඔය හරහා පීනා පලා ගිය බව පොලීසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd