(ඉන්දික අරුණ කුමාර)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් දිනපතා තොග වශයෙන් ලබාගන්නා එළවළු වලින් සියයට පනහක් අපතේ යන බව කුඩා වෙළදසැල් හිමියෝ පවසති.
මාතලේ දිස්ත‍්‍රික්කයේ උප නගර රැසක සිල්ලර වශයෙන් එළවළු අලවි කරන වෙළඳුන් විශාල පිරිසක් සිටිති.
ආර්ථික මධ්‍යස්ථානයට උර තුළ අසුරා රැගෙන එන එළවළු අතරට නරක් වු එලවළු යොදා උර ආවරණය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි වෙළෙන්දෝ පවසති.
එළවළු අසුරා ඇති උරවල උඩින් හා අඩිය කොටසින් හෝ එලවළු යොදා උරවල මැද කොටසට නරක්වු එලවළු යෙදීමට ගොවීන් පුරුදු වී සිටිම සිය වෙළඳමට බරපතල තත්ත්වයක් ඇති කර ඇතැයි නාඋල එලවළු වෙළඳසැල් හිමියෝ සඳහන් කරති.
උරතුළ අසුරා ඇති සෑම එලවළුවකම පාහේ හරි අඩක් ඉවත්කර අලවි කිරීම තුළින් විශාල නාස්තයක් සිදුවන බවත් ව්‍යාපාරිකයෝ පවසති.
ගොවීන් සිදුකරන මෙවැනි ක‍්‍රියා හේතුවෙන් එලවළු දිනපතා ඉවත්වනවා පමණක් නොව වැඩි මිලට විකිණිමට ද සිදුවන බව ව්‍යාපාරිකයින්ගේ අදහස වී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd