IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


දුම්රිය ස්ථාන පෞද්ගලීකරණයට උත්සාහයක් ඇතැයි චෝදනාවක්

(බිඟුන් මේනක ගමගේ )

පහසුකම් වැඩි දියුණු කිරීම හා නවීකරණය කිරීමේ අරමුණ ගෙනහැර දක්වමින් දුම්රිය ස්ථාන 12 ක් පෞද්ගලික සමාගමකට පැවරීමට රජය කටයුතු කරමින් සිටින්නේ යැයි ද එය තනිකරම රාජ්‍ය ප්‍රවාහන සේවය විනාශ කිරීමට ගන්නා ලද පියවරක් යැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරයි.

ප්‍රධාන දුම්රිය ස්ථාන ලෙස සැලකෙන කොළඹ කොටුව, මරදාන, රාගම, ගම්පහ, වේයන්ගොඩ, මහනුවර හා කුරුණෑගල යන දුම්රිය ස්ථාන මුල් අදියරේදීත්, ජා-ඇල, මීගමුව, අනුරාධපුර, නානුඔය හා ඇල්ල යන දුම්රිය ස්ථාන දෙවන අදියරේදීත් මෙම  පුද්ගලික සමාගමට පැවරීමට නියමිත යැයි සඳහන් කරමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී විතානගේ මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතාට ලිපියක් ද යොමු කර ඇත.

නිසි ටෙන්ඩර් පරිපාටියකින් බැහැරව අදාළ සමාගමේ ඉල්ලීම ඇමැතිවරයාගේ කැමැත්ත පරිදි වසර 12 ක කාලයකට ගිවිසුම්ගතව මෙම ගනුදෙනුව සිදුකිරීමට නියමිත යැයි එම සංවිධානය චෝදනා කරයි.

මෙම ගිවිසුම ක්‍රියාත්මක කළහොත්, වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් මාසිකව රුපියල් 410,000 ක මුදලක් ද ස්ථාවර භෝජනාගාර පවත්වාගෙන යාමෙන් මාසිකව රුපියල් 4,800,000 ක මුදලක් ද අනිකුත් අලෙවිසැල් පවත්වාගෙන යෑමෙන් රුපියල් 900,000 කට අධික මුදලක් ද,  චිත්‍රපට හා ටෙලිනාට්‍ය රූගත කිරීමෙන් හා ඡායාරූප ගැනීමෙන් මාසිකව රුපියල් 150,000 කට අධික මුදලක් ද වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට වාර්ෂිකව ලැබෙන රුපියල් හත් කෝටි පනස් ලක්ෂයකට අධික ආදායමක් අහිමිවන බව එම ලිපියේ සඳහන් කර ඇත. 

මෙතෙක් පැවති ආණ්ඩුවල සියලුම ඇමතිවරුන් සහ නිලධාරීන් දුම්රිය ගොඩනැගීම සඳහා ඉතා හොඳ අරමුණු විවෘත තලයේදී පෙන්වා දුන්නද ඒ සියල්ල දුම්රිය දෙපාර්තමේන්තුවේ අයහපතට හා පරිහානියට හේතු වී යැයි ද අයන්ගරන් මීඩියා සොලූෂන් ප්‍රයිවට් ලිමිටඞ් ආයතනය සමග සිදු කිරීමට නියමිත මෙම ගනුදෙනුවද අනිවාර්යෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ විනාශයට හේතුවනු ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ. 

මේ නිසා  අදාළ ගිවිසුමට අත්සන් කිරීම හෝ මෙම ගණුදෙනුව සඳහා කැබිනට් අනුමැතියක් ලබාගැනීම  වහාම අත්හිටුවන ලෙස දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සිය ලිපිය මගින් වැඩිදුරටත් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.



අදහස් (0)

දුම්රිය ස්ථාන පෞද්ගලීකරණයට උත්සාහයක් ඇතැයි චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32277 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14777 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 362 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1283 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site