IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දම්පල් තුමන්ගේ අගය ලන්ඩනයේ සමරයි

සැප්තැම්බර් 17 වැනිදා ට යෙදී තිබු අනගාරික ධර්මපාල තුමන්ගේ 152 වැනි ජන්ම දිනය වෙනුවෙන් එතුමන් විසින් ඉටුකළ උදාර සේවය සිහිපත් කර එතුමන් හට පින් පැමිණවීම පිණිසත් ධර්මපාලතුමන් විසින් ආරම්භ කළ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ 90 වැනි සංවත්සරය සිහිපත් කිරීම පිණිසත් පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ හීල් දානමය පින්කමක් සැප්තැම්බර් 17 වැනි සෙනසුරාදා සහ 18 වැනි ඉරිදා දෙදින ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.

ලන්ඩන් බෞද්ධ විහාරස්ථානාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක  බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසනාවෙන් විහාර පාලක මණ්ඩලයේ සහ දායක කාරකාදීන්ගේ සහායයෙන් සංවිධානය කෙරුන එම පිංකම සඳහා රුහුණු විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි, බර්මින්හැම් ජේතවන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ රාමඤ්ඤ මහානිකායේ සංඝ නායක කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි, එම විහාරවාසී මාපලගම සෝරත හිමි,  බැරගම පියරතන හිමි, මීවැල්ලාවේ පඤ්ඤාතිස්ස හිමි, ලෙච්වර්ත් බෞද්ධ විහාරාධිපති දෙදියවල විමල හිමි, ලෙච්වර්ත් ධම්මනිකෙතනාධිපති අකුරල සමිත හිමි, රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරාධිපති පෙතියාගොඩ හේමරතන හිමි, ඊස්ට්හැම් ලුම්බිණී විහාරාධිපති මාකුරේ මංගල හිමි, නොටින්හැම් ශාන්ති විහාරාධිපති තෙල්දෙනියායේ අමිත හිමි, ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිකාරී මතුගම පාලිත හිමි, ලෙස්ටර් බෞද්ධ විහාරාධිපති දොඩම්ගොඩ සුමේධ හිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරවාසී ආචාර්ය හාඳුපැල්පොල මහින්ද හිමි සහ නේපාලේ සුමන හිමි සමඟ ලන්ඩන් බෞද්ධ විහාරවාසී බෝගොඩ සීලවිමල නාහිමි,තවලම බන්දුල හිමි,  කෝන්වැවේ අරියරතන හිමි සහ කළුගමුවේ කස්සප හිමි සහභාගී වුහ.

15[1] 6[1] 7[1] 13[1]

3-(2) 4



අදහස් (0)

දම්පල් තුමන්ගේ අගය ලන්ඩනයේ සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site