IMG-LOGO

දීමනා ඉල්ලා වතු කාර්ය මණ්ඩලය වර්ජනයක්

ඩබ්ලිව්.ඒ. අසේල

තමන්ගේ ජූනි මස වැටුපට අදාළව වෛද්‍ය දීමනා හා අතිකාල දීමනා ආදි අමතර දීමනා නොලැබීමෙන් මහනුවර හා හිඟුරන්කෙත ප්‍රදේශවල ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් තේ වතු අටක 150 ක් පමණ වන කාර්ය මණ්ඩලය අද (27)  වැඩ වර්ජනයක් ඇරඹුහ.

ඒ අනුව හන්තාන ලෙවලන් බෝපිටිය ග්‍රේට්වැලි රහතුන්ගොඩ රොක්වුඩ් ලූල්කදුර දෙල්තොට යන තේ වතු අටක සේවයේ නියුතු ලිපිකරු ,රියදුරු, ළමා සංවර්ධන නිලධාරින් කේෂත්‍ර නිලධාරින් කර්මාන්තශාලාවල නිලධාරින් ආදී කාර්ය මණ්ඩල අයත් සේවකයින් කිසිවෙක් අද රාජකාරියට වාර්තා කර නොතිබිණි.

වතු අධිකාරිවරු හා වතු කම්කරුවන් සුපුරුදු පරිදි රාජකාරියට වාර්තා කළද වර්ජනය හේතුවෙන් වතු කාර්යාලවල පරිපාලන වැඩ අඩාල වී ඇත.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය මගින් මෙම මසට අදාළ වැටුප ඔවුනට ලබා දී ඇති අතර දීමනා රහිතව අදාළ වැටුප ලබා ගැනීම මෙම නිලධාරින් විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් රාජකාරියට වාර්තා නොකළද තේ වතුවල සමාන්‍ය රාජකාරි සුපුරුදු පරිදි සිදුවන බව වතු අධිකාරිවරුන් ප්‍රකාශ කර සිටී.



අදහස් (0)

දීමනා ඉල්ලා වතු කාර්ය මණ්ඩලය වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 665 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 501 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site