ඩබ්ලිව්.ඒ. අසේල
තමන්ගේ ජූනි මස වැටුපට අදාළව වෛද්‍ය දීමනා හා අතිකාල දීමනා ආදි අමතර දීමනා නොලැබීමෙන් මහනුවර හා හිඟුරන්කෙත ප්‍රදේශවල ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් තේ වතු අටක 150 ක් පමණ වන කාර්ය මණ්ඩලය අද (27) වැඩ වර්ජනයක් ඇරඹුහ.
ඒ අනුව හන්තාන ලෙවලන් බෝපිටිය ග්‍රේට්වැලි රහතුන්ගොඩ රොක්වුඩ් ලූල්කදුර දෙල්තොට යන තේ වතු අටක සේවයේ නියුතු ලිපිකරු ,රියදුරු, ළමා සංවර්ධන නිලධාරින් කේෂත්‍ර නිලධාරින් කර්මාන්තශාලාවල නිලධාරින් ආදී කාර්ය මණ්ඩල අයත් සේවකයින් කිසිවෙක් අද රාජකාරියට වාර්තා කර නොතිබිණි.
වතු අධිකාරිවරු හා වතු කම්කරුවන් සුපුරුදු පරිදි රාජකාරියට වාර්තා කළද වර්ජනය හේතුවෙන් වතු කාර්යාලවල පරිපාලන වැඩ අඩාල වී ඇත.
ජනතා වතු සංවර්ධන මණ්ඩලය මගින් මෙම මසට අදාළ වැටුප ඔවුනට ලබා දී ඇති අතර දීමනා රහිතව අදාළ වැටුප ලබා ගැනීම මෙම නිලධාරින් විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් රාජකාරියට වාර්තා නොකළද තේ වතුවල සමාන්‍ය රාජකාරි සුපුරුදු පරිදි සිදුවන බව වතු අධිකාරිවරුන් ප්‍රකාශ කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd