(එස් .ඩි .කොඩිකාර )
දෙනියාය - එනසල් වතුයායේ දළු මඩුවේ ගබඩා කාමරය සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානය අද (16) සොරුන් පිරිසක් විසින් කඩා දමා ඇති බව දෙනියාය පොලිසිය කියයි.
පැට්නා කොටසෙහි ඇති දළු මඩුවේ ගබඩා කාමරයේ දොර කඩා ඇතුළු වූ සොරුන් එහි තිබූ විදුලි කියතක් සහ තණකොළ කපන මැෂිමක් රැගෙන ගොස් ඇත.
ළමා සුරකුම් මධ්‍යස්ථානයේ ජනේලයෙන් ඇතුළු වූ සොරුන් එහි තිබී කුඩා ළමුන්ට ලබා දෙන ත්‍රිපෝෂ පැකට් 15 ක් ගෙන ගොස් ඇති බව සහකාර වතු අධිකාරිවරයා පොලිසියට පැමිණිලි කර ඇත.
ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාව අද (16) උදෑසන ළමා සුරකුම් මධ්‍යස්ථානය විවෘත කර බලන අවස්ථාවෙහි එහි ත්‍රිපෝෂ පැකට් තිබු ස්ථානයේ ත්‍රිපෝෂ පැකට් නොතිබූ හෙයින් පාලිකාව ඒ බව සහකාර වතු අධිකාරිවරයාට දන්වා ඇත.
පැට්නා කොටසෙහි ඇති ගබඩා කාමරයේ ඉදිරි දොරෙහි ඉබ්බා කඩා ඇති බව මුරකරු සහකාර වතු අධිකාරිවරයාට දැන්වීමෙන් පසු සිද්ධීන් දෙක සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd