ශ්රී ලංකාවේ මාරක රිය අනතුරු සියයට 13කින් අඩුවී ඇතැයි ගාල්ල කොට්ඨාසයේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ භාර සහකාර පොලිස් අධිකාරී විජිත රණබාහු මහතා පවසයි.
‘‘2014 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ සිදුවූ මාරක රිය අනතුරු සංඛ්‍යාව 2015 දී අඩු වී තිබෙනවා. ඒ සියයට 13කින් 2015 දී අනතුරු 2890ක් සිදු වුණා. ගාල්ල කොට්ඨාශයේ 2015 වර්ෂයේ දී මාරක රිය අනතුරු 73ක් සිදුව තිබෙනවා. අපි 2016 දී 2015ට සාපේක්ෂව මාරක රිය අනතුරු සංඛ්‍යාව සියයට 20කින් අඩු කරගැනීමට කටයුතු කිරීම අවශ්‍යයි. මේ වැඩසටහන පවත්වන්නේ ඒ වෙනුවෙන්. අපේ නිලධාරීන් දැනුම්වත් කරන්න. අනතුරක් සිදුවීම වළක්වා ගැනීමේ සිට මාර්ගයේ රිය ධාවනය කරන රියදුරන් ගේ රිය පැදවීමේ ගුණාත්මක බව වැඩි කරන්නත් පොලිසිය කටයුතු කළ යුතුයි.
වරදක් දුටු විට දඩයක් ලියන පොලිස් කාරයෙක් බවට පත් නොවී මාර්ගයේ ගමන් කරන සියලු දෙනාගේ මිතුරකු, සහෝදරයකු, සහෝදරියක බවට පත්වී ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි රථවාහන නීතියත්, ආචාරධර්ම ඔවුන් අතරට ගෙන යා යුතුයි. එවිට අපිට හැකිවනවා මේ මාරක අනතුරු සංඛ්‍යාව අවම කරගැනීම. මේ රටේ සිදුවන මාරක අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ බීමත්කම, අධික වේගය, මාර්ග නීති කඩ කිරීම වැනි හේතූන් නිසා. මේවා නවත්වන්න පොලිස් නිලධාරීන් හැටියට අපි ඉතා සංයමයකින් කටයුතු කළ යුතුයි. “
නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාලිය ද සිල්වා, ගාල්ල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික ඩයස් මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දඩ කොලෙන් මඟ මරුවා පන්නන්න බෑ