ගල්කිස්ස, දක්ෂිණාරාම නාලන්ද ධර්මායතන පිරිවෙනෙහි වෙසක් මහා පිංකම අප්‍රේල් 28 වැනිදා සිට මැයි 4 දක්වා පැවැත්වීමට නියමිතය.
පරිවේණාධිපති අතුරලියේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් අටවිසි බුද්ධ පූජා, ධර්ම දේශනා, බෝධි පූජා ආදිය සංවිධානය කර ඇති අතර බොරැල්ලේ කෝවිද, කොටපොලුවේ පුඤ්ඤානන්ද, කුකුල්පනේ සුදස්සි, අගලකඩ සිරිසුමන, මඩිහේ සුගතසිරි යන හිමිවරුන්ගේ ධර්ම දේශනා පිංකමට ඇතුළත්ය.
වෙසෙක් පුර පසළොස්වක පොහෝ දින උදෑසන උපෝසථ සීලය සමාදන් කරවීම, කිරි පිඬු පූජාව, ධර්ම දේශනා, සම්බුද්ධ පූජා, මරණයට කැපවූ ගවයින්ට අභය දානය ලබාදීම , බත් දන්සල හා අයිස්ක්‍රීම් දන්සල ආදී පිංකම් රැසක් සංවිධානය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd